වන අලියෙක් පිළිස්සීමට ලක් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ වේ



 මිහින්තලේ සීප්පුකුලම, අඹගහවැව ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් වන අලියෙකු පුළුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අනුරාධපුර අඩවි නිලධාරීන් විසින් මෙම විමර්ශන කටයුතු සිදු කරන බව ද, එසේම වන අලියාගේ මරණය පිළිබඳ තොරතුරු අද දින (17) අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වයස අවුරුදු 50-55 ත් අතර සහ උස අඩි 09 ක් පමණ වන මියගිය එම පිරිමි සත්ත්වයා, පිලිස්සුම් තුවාල හා වෙඩි වැදුණු තුවාල සහිතව සීප්පුකුලම, අඹගහවැව ප්‍රදේශයේ ඉඩමක වැටී සිටින බවට ලද තොරතුරු මත, අනුරාධපුර අඩවි වනජීවී නිලධාරීන් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලය දැනුවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

පසුව පණ්ඩුලගම පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති ඇතුළු පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් පැමිණ වන අලියාට ප්‍රතිකාර කරමින් සිටිය දී අලියා මිය ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

Post a Comment

0 Comments