මුතුගල සර් ආපදාවන්ට ලක් වූ පුද්ගලයන් වෙත ගුවනින් ආදාර රැගෙන යාමේ වීඩියෝ සහ ජායාරූප මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක් වී ඇත. නමුත් ඒ පිලිබද යම් පරස්පර විරෝධී අදහසක් කීපදෙනකු විසින් සමාජ මාධ්‍යයේ ප්‍රකාශ කර ඇත.
උපුටා ගැනීම
මිනිස්සුන්ගේ දුක අස්සේ රඟන මිනිස්සු නම් ඊයා හැබැයි.
මේකක් හයර් එකට ගනින් මචං, wedding එකක් වගේ දේකට, photo shoot එකකට, පොඩි සොමියක වට පිටාව බලන්න යන්න, හැබැයි මේකෙන් භාණ්ඩ ප්‍රවාහනයට තරම් මෝඩ වෙන්නෙපා, උඹලට උතුරන්න සල්ලි නම් ඉතිං කමක් නෑ බඩු නෙවෙයි මොනා ගෙනිච්චත්, මං කියන්නේ effective නෑ..
Robinson R66 තමයි මේකේ නම, සුපිරි භාණ්ඩයක්,
2021 edition වෙන්නේ $950K කියලා තමා දැනගන්න ලැබුනේ,
අරන් යන්න පුලුවන් උපරිම බර - 640 kg (passengers + cargo)
Fuel weight (full tank): ~ 224 kg
තෙල් ගැහුවම ඉතිරි වෙන්නේ - 416 kg
(passengers + baggage)
Pilot ගෙයි උඹෙයි බර - 80 x 2 = 160 kg වුනොත්,
ඉතුරැ වෙන්නේ - 256 kg යි බ්‍රෝ,
මං බඩු ලිස්ට් එකක් දෙන්නම් මේකට ගැලපෙන්න,
Item Weight
- වතුර බෝතල් - (500 ml x 100 bottles) - 53 kg
- හාල් පැකට් - (20 kg x 5 ) - 100 kg
- පරිප්පු - 10 kg
- සීනි - 10 kg
- පාන් පිටි - 10 kg
- බිස්කට් 400 g - 10 (4 kg)
- කිරිපිටි 400g - 10 (4 kg)
191 kg ක් ගිහින් මේ ටිකට, ඉතුරැ 65kg යි,
සාමාන්‍ය Fems sanitary pad පැකට් එකක් බර 110g සිට 165g අතර වෙනවා, ඒකෙන් පැකට් 393 ගන්න පුලුවන් ඒකට 393 × 0.0008 m³ ≈ 0.314 m³ ඉඩක් යන්නේ,
ඔච්චර තමා උපරිම ගෙනියන්න පුලුවන් දේවල්,
Fuel Cost (Sri Lanka)
Jet-A1 / aviation turbine fuel ≈ LKR 550–600 per liter (current approx, 2025)
Fuel cost = ( 155–182 liters) × LKR (550 – 600 ) ≈ LKR 85,000 – 110,000
තෙල් වියදම මේ ගාන වෙද්දී - රැපියල් ලක්ෂ - 2.5 - 3.5 යනවා ඔය බඩුටික මධ්‍යම කදුකරය පැත්තට අරන්යන්න.
තේරැමක්ම නෑ නේ….
අදට ඇති.
======================
ගංවතුරේ මඩේ බැහැගෙන නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කරන දහස් ගණනක් මිනිස්සු මේ වෙලාවෙත් ඉන්නවා.
කරන වැඩ සෝෂල් මීඩියා දාන එක අවුලක් නෑ..ඒකෙන් අනිත් අයත් උනන්දු වෙනවා..
හැබැයි රුපියල් සීයක් වියදම් කරලා ඒකට රුපියල් දාහක මාකටින් කරන චිත්‍රපටි පෙන්නන්න එපා.
චිත්‍රපටි රගපාන්න වෙන වෙලාවක් තියාගන්න.
මේක ජාතික ආපදාවක්.ව්‍යසනයක්.
මුත්තව අන්ධ විදිහට අදහන, මුත්තගේ මාකටින් වලට ඇස් පියාගෙන අහුවෙන, මුත්තගේ පෝස්ට් ශෙයා කරගෙන කමෙන්ට් කරගෙන හුරේ දාන මුත්තගේ කස්ටර්මර්ස්ලට පේන්න අනිවාර්යයෙන්ම ශෙයා කරන්න මේ කතාව ඔයා පිලිගන්නව නම්. 🙏
උපුටා ගැනීම අවසන්
රටේ පවතින ව්‍යසනකාරී තත්වය උපයෝගී කරගනිමින් මෙවැනි ක්‍රියා සිදු කරන්නන් අද සමාජයේ බොහෝ ඇත. පසු ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින අයවලුන්ගෙන් ප්‍රවේසම් වන්න.

0 Comments